අපි යන්නේ ඉතාමත් ශීලාචාර දේශපාලන ගමනක්: පක්ෂ අභ්‍යන්තරයේ ගැටළු නැහෑ

සැප් 01, 2019

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමේ අරමුණින් මෙතෙක් පැවැති සෑම ඡන්දයකටම මුහුණදුන් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    සියලුදෙනා එකතුව එළඹෙන මැතිවරණ ජයග්‍රහණය කිරිමේ සටනේ නිරතව සිටින බව ඔහු කියා සිටියේය. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු සිදුවන අතර පක්ෂ අභ්‍යන්තරයේ කිසිදු ගැටළුවක් නැතැයි තවදුරටත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (31) කොටහේන, දීපදුත්තමාරාම පුරාණ තායි රජ මහා විහාරයේ පැවති පාසල් සහ පූජණීය ස්ථානයන් වෙත අවශ්‍ය උපකරණ ලබාදීමේ උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

    මෙහිදි වැඩිදුරටත් මාධ්‍ය ඇමතූ අමාත්‍ය කරුණානායක මහතා ..,

    " මේ දිනවල අගමැතිතුමා සහ ජනාධිපතිතුමා අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනවා කියලා ප්‍රචාරයක් තිබුණත් මම ඒ සම්බන්ධයෙන් දැනුවත් නැහැ.

    ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එ.ජා.ප.යේ කිසිම ගැටළුවක් නැහැ. අපි යන්නේ ඉතාමත් ශීලාචාර දේශපාලන ගමනක්. ඒ නිසා නිසි වේලාවට අපේක්ෂකයාව හෙළි කරන්නම්. රටක මෙන්ම පක්ෂයකටත් විනයක් අවශ්‍යයි. විනයක් නැති තැන කිසිම කර්තව්‍යයක් නිසි පරිදි සිදුවන්නේ නැහැ. ඒ නිසා තමයි රට තුළ පොලීසියක්, යුධ හමුදාවක් ඇති කර තිබෙන්නේ. පක්ෂයක් තුල විනයක් නොමැතිවූ විට යම් පුද්ගලයින් තම පක්ෂය මෙන්ම පක්ෂයේ නායකයා පවා අමතක කර කටයුතු කරනවා. එවැනි විනය කඩවන අවස්ථා සම්බන්ධයෙන් අපි යම් තීන්දුවක් ගත යුතුයි යැයි පැවසීය.

     

     

    Latest News