“හැකියාවට රැකියාවක් ලබාදී රටේ අනාගතය සුරක්ෂිත කරන්න කටයුතු කරනවා” - අමාත්‍ය රවි

නොවැ 01, 2019

    හැකියාවට රැකියාවක් ලබාදී රටේ අනාගතය සුරක්ෂිත කරන්න කටයුතු කරන බවත් රටටවත්, ජාතියටවත්, ආගමටවත් එක්සත් ජාතික පක්ෂයෙන් කිසිම කළු පැල්ලමක් ඇති නොවන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජනාධිපති අපේක්ෂ සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පසුගියදා තොටලග මංසන්ධියේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන රැළියකට සහභාගි වෙමිනි. මෙම රැළිය සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු කොළඹ දිස්ත්‍රික් මැතිඇමතිවරුන් විශාල පිරිසක් සහභාගි වූහ.

    ඒ අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක...

    “මම ඉතාමත් වැදගත් කරුණු 03 ක් ඉදිරිපත් කරනවා. එකක් තමයි මේ රටේ ජාතික ආරක්ෂාව. අනෙක තමයි මේරටේ ජාතික ආර්ථිකය. අනෙක තමයි මේ රටේ තරුණ පිරිස. මෙන්න මේ සාධක 03 මත තමයි රටේ අනාගතය රදා පවතින්නේ. අපේ ප්‍රතිවාදීන් ජනතාව තුළ බියක් ඇති කරන්න හදනවා, එක්සත් ජාතික පක්ෂය බලයට ආවම රටේ ඒකීයභාවය නැති කරනවා කියලා. මේ රටට ඒකීයභාවය හදුන්වලා දුන්නෙත් එක්ස්ත ජාතික පාක්ෂික හිටපු ජනාධිපති දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතායි. අපි වසර 5ක් පාලනය කළා. රටේ ඒකීයභාවයට බාධාවක් වුණාද. එක කළු පැල්ලමක්වත් ඇති වුණාද. නැහැ නේද. එහෙනම් ඇයි අපි බියවෙන්නේ. ඔවුන් තවත් දෙයක් කියනවා එ.ජා.ප.ය බලයට ආවොත් බෞද්ධාගමට ගැටළු වෙනවා කියලා. මේ රටේ බෞද්ධාගම ආරක්ෂා කරන්න, ව්‍යාප්ත කරන්න, පන්සල් වැඩිදියුණූ කරන්න මුදල් වෙන්කරපු, කටයුතු කරපු එකම රජය එක්සත් ජාතික පක්ෂ රජය කියලා මම බය නැතිව කියනවා. අපි ලග ඉන්නේ සැබෑ බෞද්ධයෝ. එයාලා ලග වගේ රූපවාහිනියෙන් බුද්ධාගම රකින අය නෙමෙයි. අනිත් එක මේ රටේ ආර්ථිකය කඩාවැට්ටුවේ මහා බැංකුවයි. වැඩි පොලී අනුපාත ඉදිරිපත් කරලා, ජනතාව බැංකු ඉදිරියේ දණ ගැස්සෙව්වා. අපි බලයට ආවම මේ පොලී අනුපාත 6% කට 7% කට අඩු කරලා එම සහනය ජනතාවට ලබා දෙනවා.

    උතුරු කොළෙඹ කියන්නේ හදවතින් පොහොසත් ජනතාවක් සිටින ආසනයක්. 2018 පෙබරවාරි තමයි ඔවුන් මේ බව සනාත කළේ. එ.ජා.ප. යෙන් නාගරික මන්ත්‍රීවරු 17 ක් ඉදිරිපත් කළා. ඒ 17 ම දිනවන්න මොවුන් කටයුතු කළා. ඒ ආකාරයෙන් සියලු අපේක්ෂකයන් දිනවපු එකම ආසනය උතුරු කොළඹ ආසනයයි.

    2015 ජනවාරි මාසේ ජනතාව අපිට බලය ලබා දුන්නා. ඉන් පස්සේ අපි හවුල් ආණ්ඩුවක් බිහිකළා. හවුල් ආණ්ඩු කියන්නේ අවුල් ආණ්ඩු. වසර 5 ක් තුළ අපි මොනවාද කළේ කියලා ඔබට අහන්න පුළුවන්. අපිට නිර්භයව කියන්න පුළුවන්, රටේ නැතිවෙලා තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය අපි නැවතත් ස්ථාපිත කරලා ජනතාවට නිදහසේ නිවහල්ව ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කළා කියලා. ඒ වගේම අපි ජනතට අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් ලබා දුන්නා. නිවාස ලබා දුන්නා. මහාමාර්ග පහසුකම් ඇතිකළා. සම්පූර්ණායන් නැතත් පුළුවන් ආකාරයෙන් රැකියා ලබා දුන්නා.

    අන්න ඒ නිසා තමයි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න හැකි අපේක්ෂකයා කවුද කියලා අපි සෑහෙන්න අධ්‍යයනය කළේ. දේශපාලන පොර පිටියේ නොයෙක් නොයෙක් අදහස් ඉදිරිපත් වුණා. දැන් සමහරු හිතනවා ඇති සජිතුයි රවී එක වේදිකාවේ ඉන්නේ කොහොමද කියලා. මෙන්න මේක තමයි වෙනස. අපිට වටින්නේ පුද්ගලයින් නොවෙයි. අපිට වටින්නේ රටයි පක්ෂයයි පමණයි. අන්න ඒ නිසයි සජිත්ව දිනවන්න අපි සියළුදෙනාම එකම වේදිකාවක ඉන්නේ. සිංහල, දෙමල, හින්දු, මැලේ, බර්ගර් මේ සෑම ජාතිකයෙක්ම අද එක්වෙලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීම තුළින් රට ආරක්ෂා කරගන්නයි. අපට අද හිතන්න වෙලා තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නවාද, නැතිනම් පවුල් වාදය රැක ගන්නවාද යන්නයි.

    2015 අපිට ජනතාව ලබාදුන්න බලය තුළින් අපි රටේ වෙනසක් ඇතිකළා. එදා අපිට බාර දුන්නේ දණගස්වපු ආර්ථිකයක්. කඩා වැටුණ ආර්ථිකයක්. ඉදිරියට ගෙනයන්න බැරි ආර්ථිකයක්. දින 100 ක් තුලදී පොරොන්දු 100 ක් ඉටු කරන්න අපි ජනතාවට පොරොන්දු වුණා. මහින්ද රාජපක්ෂ රජය වසර 10 ක් තිස්සේ අපේ රජයේ සේවකයන්ට වැටුප් රු. 2500/= කින් වැඩි කරන්න පොරොන්දු දෙමින් සිටියා. අපි බලයට පැමිණිලා දින 35 යද්දි අපිට හැකිවුණා රජයේ සේවකයින්ගේ වැටුප් රු. 10,000 කින් වැඩි කරන්න. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ නිලධාරීන්ගේත් ඒ ආකාරයෙන්ම අපි වැටුප් වැඩි කලා. ඒ ආකාරයෙන්ම සෞඛ්‍යය අංශයට, අධ්‍යාපන අංශයට වැටුප් වැ ඩි කරන්න අපට හැකිවුණා. රට පුරාම නිවාස හදන්න, පාරවල් හදන්න අපි මුදල් වෙන්කළා. එක ආසනයක්ඒ එක දිස්ත්‍රික්කයකට සීමා වෙලා තිබුණ සංවර්ධනය සමස්ත දිවයිනම ආවරණය වන පිරිදි ව්‍යාප්ත කරන්න අපට හැකිවුණා.

    ජීවන වියදම පහල හෙලන්නත් අපිට යම් හැකියාවක් ලැබුණා. එදා වසර 05 කට කළින් රු. 2750 කට තිබුණ ගෑස් සිලින්ඩරය අද වනවිට රු..1500/= කට අඩු කරන්න අපිට හැකිවුණා. පෙට්‍රල් රු. 167/= තිබුණ එක වසර 05 කට පසුව අද රු.135/= කට දෙන්න අපිට හැකිවුණා. එදා රු. 140/= තිබුණ භුමිතෙල් ලීටරය අද රු. 50.00 යි. එදා රු. 500/= තිබුණ කිරිපිටි පැකට් එක අද රු.370.00./= මෙහෙමයි අපි අඩු කළේ. අහිංසක ජනතාවට සහනයක් වෙන ආකාරයෙන් බඩු මිල අඩු කරලා, ඔබේ ආදායම වැඩිකරලා අපි පෙන්නුව මම ඉතාමත් වැදගත් කරුණු 03 ක් ඉදිරිපත් කරනවා. එකක් තමයි මේ රටේ ජාතික ආරක්ෂාව. අනෙක තමයි මේරටේ ජාතික ආර්ථිකය. අනෙක තමයි මේ රටේ තරුණ පිරිස. මෙන්න මේ සාධක 03 මත තමයි රටේ අනාගතය රදා පවතින්නේ. අපේ ප්‍රතිවාදීන් ජනතාව තුළ බියක් ඇති කරන්න හදනවා, එක්සත් ජාතික පක්ෂය බලයට ආවම රටේ ඒකීයභාවය නැති කරනවා කියලා. මේ රටට ඒකීයභාවය හදුන්වලා දුන්නෙත් එක්ස්ත ජාතික පාක්ෂික හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතායි. අපි වසර 5ක් පාලනය කළා. රටේ ඒකීයභාවයට බාධාවක් වුණාද. එක කළු පැල්ලමක්වත් ඇති වුණාද. නැහැ නේද. එහෙනම් ඇයි අපි බියවෙන්නේ. ඔවුන් තවත් දෙයක් කියනවා එ.ජා.ප.ය බලයට ආවොත් බෞද්ධාගමට ගැටළු වෙනවා කියලා. මේ රටේ බෞද්ධාගම ආරක්ෂා කරන්න, ව්‍යාප්ත කරන්න, පන්සල් වැඩිදියුණූ කරන්න මුදල් වෙන්කරපු, කටයුතු කරපු එකම රජය එක්සත් ජාතික පක්ෂ රජය කියලා මම බය නැතිව කියනවා. අපි ළග

    ඉන්නේ සැබෑ බෞද්ධයෝ. එයාලා ලග වගේ රූපවාහිනියෙන් බුද්ධාගම රකින අය නෙමෙයි. අනිත් එක මේ රටේ ආර්ථිකය කඩාවැට්ටුවේ මහා බැංකුවයි. වැඩි පොලී අනුපාත ඉදිරිපත් කරලා, ජනතාව බැංකු ඉදිරියේ දණ ගැස්සෙව්වා. අපි බලයට ආවම මේ පොලී අනුපාත 6% කට 7% කට අඩු කරලා එම සහනය ජනතාවට ලබා දෙනවා.

    තරුණ තරුණියන් තමයි අපේ අනාගතය. අපි ඔබේ හැකියාවට රැකියාව ලබාදීලා මේ රටේ අනාගතය සුරක්ෂිත කරන්න කටයුතු කරනවා කියලා මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඒ වෙනුවෙන් අපි කෙරෙහි එක් වතාවක් විශ්වාසය තබලා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න අත්වැල් බැදගන්න කියලා මම ඉල්ලා සිටිනවාග” යැයි පැවසීය.

    Latest News