ධීවර ගම්මාන 04ක් සංවර්ධනයට පියවර

සැප් 01, 2019

    වැවක් ගමක් සමග දියවර අරුණ ග්‍රාමීය ධීවර ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මිරිදිය ධීවර ගම්මාන 04 කම සංවර්ධනය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ඊයේ (31) ආරම්භ කළේය.

    මෙම ගම්මාන 04 සංවර්ධන කටයුතු සදහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල රුපියල් ලක්‍ෂ 200 කි.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාශය විසින් ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ අධීක්‍ෂණය හා මෙහෙයවීම යටතේ වැවක් ගමක් සමග දියවර අරුණ ග්‍රාමීය මිරිදිය ධීවර ගම්මාන සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි. මෙම සංවර්ධන වැඩසටහන යටතේ එක් මිරිදිය ධීවර ගම්මානයක සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්‍ෂ 50 කට අධික මුදලක් වැය කෙරේ .

    තෝරා ගනු ලබන මිරිදිය ධීවර ගම්මානයේ ප්‍රවේශ මාර්ග සංවර්ධනය, වැව් ඇලවේලි ප්‍රතිසංස්කරණය, පොදු පහසුකම් වැඩිදියුණු කිරීම, කුසලතා හා හැකියා වර්ධනය, ජිවනෝපාය සංවර්ධන වැඩසටහන්, සමාජ සංවර්ධන වැඩසටහන් ඇතුළු ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වේ. වලස්මුල්ල, ඕමාර බටහිර ගම්මානය සහ බෝවල බටහිර ගම්මානය, උඩයාල සහ බැදිගම උතුර යන ගම්මාන 04 ආශ්‍රිතව වැවක් ගමක් සමග දියවර අරුණ ව්‍යාපෘතිය යටතේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුනේ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ මුලිකත්වයෙනි

    මෙම ධීවර ගම්මානවල ජලාශ සහ වැව් ආශ්‍රිතව මත්ස්‍ය පැටවුන් තැන්පත් කර මිරිදිය ධීවර කර් මාන්තය ඉහල නැංවීම සහ ධීවර ජනතාවගේ ආර්ථිකය ඉහල නැංවීම මෙන්ම ග්‍රාමීය ධීවර සංවිධාන පිහිටුවමින් එම සංවිධාන සවිබල ගැන්වීමද ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් සිදු කෙරේ.

    fisheriesvillage1 px 900 19

    fisheriesvillage2 px 900 19

    Latest News