රජය සතු කිසිවක් අන්සතු වීමට ඉඩ දෙන්න බෑ..

මාර් 17, 2019

    මහජන දේපළ එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව භාවිත කිරීමට කිසිදු ඉඩක් නොතැබීමට සියළු ආයතන ප්‍රධානින් වග බලා ගත යුතු බව අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අවධාරණය කළේය.

    එවැනි කටයුතු පිලිබඳව වහාම නීතිපති වෙත කරුණු වාර්තා කර නිතිය උපරිමයෙන් ක්‍රියාත්මක කල යුතු බවත්, නීතියේ ප්‍රමාදයක් පවතින්නේ නම් රාජ්‍ය සම්පත් සුරැකීම සදහා පෞද්ගලික නීතිවේදීන්ගේ සහය හෝ ලබාගෙන රජය සතු මහජන දේපල ආරක්ෂා කරගත යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට අයත් සියළු ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ජාවේදී අමාත්‍යවරයා මේ බව පැවසිය .

    අදාළ ආයතන වල කටයුතු සහ පසුගිය මාසයේ මහජන සේවා පිළිබද සොයාබැලීම වෙනුවෙන් කැදවා තිබු මෙම සාකච්ජාවේදී ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට අයත් ඇතැම් ආයතන සතු සම්පත් විවිධ පුද්ගලයින් සහ කණ්ඩායම් අනිසි ලෙස භාවිත කරන බවටත් එනිසාම තම ආයතන වෙත ලැබිය යුතු විශාල මුදලක් අහිමි වෙමින් පවතින බවටත් ආයතන ප්‍රධානින් ඉදිරිපත් කල කරුණු පිලිබදව අවදානය යොමු කර ඒ පිළිබද අදහස් දක්වමින් අමාත්‍යවරයා සියළු ආයතන ප්‍රධානින් වෙත මෙම උපදෙස් ලබාදුන්නේය .

    මෙහිදී රාජ්‍ය අමාත්‍යතුමා ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙනු ලැබුවේ රජය සතු සියලු දේපල සහ සම්පත් තම ආයතන පාලනයට වහාම ලබාගෙන මහජන සේවය සදහා එම සම්පත් යෙදවීමට කටයුතු කලයුතු බවයි.

    තමන්ට පෞද්ගලික අරමුණු හෝ පටු දේශපාලන අරමුණු හෝ තනතුර භාවිත කරමින් වෙනත් කටයුතු වල නිරතවීමේ කිසිදු අදහසක් නොමැති බව මෙහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අවධාරණය කළේය.තමාට ඇත්තේ ධිවර ජනතාවට සහ ධිවර කර්මාන්තය වෙනුවෙන් සේවයක් කිරීම බවත් , එබැවින් කිසිදු අකටයුත්තක් සදහා තම සහය නොලැබෙන බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

    මෙම තීරණය සහ මහජන දේපල රැකගැනීම සදහා දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යතුමාගේ සෘජු තීරණය සහ නිර්භීත තීරණ පිලිබදව අදාළ රැස්වීමෙන් පසු ආයතන ප්‍රධානින් රාජ්‍ය අමාත්‍යතුමා හමුවී ප්‍රසාදය පළ කළ.

    තමන්ට පෞද්ගලික අරමුණු හෝ පටු දේශපාලන අරමුණු හෝ තනතුර භාවිත කරමින් වෙනත් කටයුතු වල නිරතවීමේ කිසිදු අදහසක් නොමැති බව මෙහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අවධාරණය කළේය. තමාට ඇත්තේ ධිවර ජනතාවට සහ ධිවර කර්මාන්තය වෙනුවෙන් සේවයක් කිරීම බවත් , එබැවින් කිසිදු අකටයුත්තක් සදහා තම සහය නොලැබෙන බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

    මෙම තීරණය සහ මහජන දේපල රැකගැනීම සදහා දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යතුමාගේ සෘජු තීරණය සහ නිර්භීත තීරණ පිලිබදව අදාළ රැස්වීමෙන් පසු ආයතන ප්‍රධානින් රාජ්‍ය අමාත්‍යතුමා හමුවී ප්‍රසාදය පළ කළහ.

    Last modified on ඉරිදා, 17 මාර්තු 2019 08:03

    Latest News