මිරිදිය ධීවර ඉහළ ආදායම් ලබන කර්මාන්තය බවට පත්කරනවා..

ජූනි 01, 2019

    ලංකාවේ ඉහළම ආදායම් ලබන කර්මාන්තය බවට මිරිදිය ධීවර කර්මාන්තය පත් කිරීම සදහා රජය සීග්‍ර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    මේ වැඩපිළිවෙල යටතේ රට අභ්‍යන්තරයේ සියළු ජලාශ වල මිරිදිය ධීවර කර්මාන්තය ව්‍යාප්ත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පවසයි.

    අනුරාධපුර , කලාවැව ,විජිතපුර පිහිටි ජාතික මිරිදිය පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ (30) දින ආරම්භ වූ ආහාර හා පෝෂණය සුරක්‍ෂිතතාව පිළිබද දෙදින විද්‍යාත්මක සමුළුවේ සමාරම්භක උත්සවයේ දේශනය පවත්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ජලජිවි වගාව පිළිබද මෙම විද්‍යාත්මක සමුළුව සංවිධානය කර තිබුනේ ප්‍රථම වතාවටය . ආහාර හා පෝෂණය පිළිබද සුරක්‍ෂිතතාව , ජලජිවි වගාවේ නව සොයාගැනීම් , මිරිදිය ධීවර කර් මාන්තයේ සහ ජලජිවි වගාවේ අනාගත අභියෝග , ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම , නව විදේශ විනිමය උපයාගැනීම , නව සොයාගැනීම් පිලිබඳ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් සැකසීම ඇතුළු කරුණු ගණනාවක් ඉලක්ක කර ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය මෙම විද්‍යාත්මක සමුළුව සංවිධානය කරණු ලැබිය .

    මෙම සමුළුවට ජලජිවි වගාව සහ මිරිදිය ධීවර කර් මාන්තය පිළිබද විශේෂඥන්. ක්ෂේත්‍රය පිළිබද ප්‍රවීනයින් , විශ්ව විද්‍යාල ආචාර් ය සහ මාහාචාර් ය වරුන් ,අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන නිලධාරීන් මෙන්ම විවිධ සංවිධාන වල නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

    සමුළුවේ සමාරම්භක උත්සවයේ විශේෂ දේශනය පවත්වමින් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අවධාරණය කලේ රටේ සියලු ජනතාවගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් ජලජිවි වගාව සහ මිරිදිය ධීවර කර් මාන්තය රට අභ්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවය.

    මෙම වැඩපිළිවෙල යටතේ යටතේ රට අභ්‍යන්තරයේ මෙන්ම කිවුල් දිය ආශ්‍රිතව ධීවර කර්මාන්තය වර්ධනය කර ධීවර ජනතාවගේ ආර් ථිකය පළමුව ශක්තිමත් කිරීමටත්, රටට වැඩි විදේශ විනිමයක් හිමි කර දීමටත් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සියලු පියවර ගෙන ඇතැයි සදහන් කළ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙම වැඩපිළිවෙල සදහා රජයෙන් ලබාදිය හැකි සියළු ආධාර හා අනෙකුත් සහන ලබාදීමට නොපැකිලිව කටයුතු කරන බව පැවසිය.

    Last modified on සෙනසුරාදා, 01 ජූනි 2019 09:47

    Latest News