පළාත් කිහිපයකට වැසි

සැප් 01, 2019

    උතුර, උතුර මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්, මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, සුළඟේ වේගය පැයට කිලෝ මීටර 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි අතර, අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කෙරෙන්නේ සවස 2.00න් පසුවයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං සමඟ අකුණු ඇතිවිය හැකි බැවින් අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල ද ගිගුරුම් සහිත වැසි හටගන්නා බව කාලගුණ නිවේදනයේ සඳහන්. හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යනු ඇත. මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල ද තද සුළං හටගන්නා අතර, එම අවස්ථාවලදී මුහුද රළුවීම පිළිබඳ ධීවර හා නාවික ප්‍රජාව දැඩි අවධානය යොමු කළ යුතුයි.

    Latest News