ගිලෙමින් තිබූ ජීවිත 3ක් ගොඩට

අගෝ 30, 2019

    හික්කඩුව හා සීනිගම අතර මුහුදු ප්‍රදේශයේ අනතුරට ලක් වු ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් තිදෙනෙකුගේ දිවි බේරා ගෙන තිබේ.

    ඔවුන් බේරාගැනුණේ, දකුණු නාවික විධානය වෙත හික්කඩුව පොලිස් ස්ථානය මගින් කල දැනුම් දීමකට අනුව නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමක් එක්වයි.

    මුහුදේ රළු ස්වභාවය හමුවේ වුවද අනතුරට ලක්ව තිබු ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට ජීවිතාරක්ෂක කණ්ඩායම සමත් විය.

     

    Last modified on සිකුරාදා, 30 අගෝස්තු 2019 16:13

    Latest News