ඉමහත් ගෞරවයෙන් යුතුව අගරදගුරු හිමිපාණන් වහන්සේ පිළිගත් ජනාධිපතිතුමා උන්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය රටට ආශිර්වාදයක් බව සඳහන් කළ අතර ඒ වෙනුවෙන් උන්වහන්සේ වෙත සිය ස්තූතිය පිරිනැමීය.
අනතුරුව ජනාධිපතිතුමා සහ අගරදගුරු හිමිපාණන් වහන්සේ ඉතා සමීප සහ මිත්‍රශීලි සංවාදයක නිරත වූ අතර, රටේ සියලු ආගමිකයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ අවබෝධය ගොඩනඟමින් සහ සියලු ආගමිකයන්ගේ වරප්‍රසාද සහතික කරමින් ජනපති ගෙන යන වැඩපිළිවෙළ උන්වහන්සේ ඇඟයීමට ලක් කළහ.
මෙම සුහද කතා බහෙන් අනතුරුව අතිඋතුම් ජස්ටින් වෙල්බ් හිමිපාණන් ජනාධිපතිතුමා වෙත සිය ආශිර්වාදය පළ කළ අතර, හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.