පොහොට්ටුවට SLFP නැතිව ඡන්ද දිනිය නොහැකි.... සජින් වාස් (විඩියෝ)

අගෝ 30, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පවසයි.

    පොදුජන පෙරමුණට ඡන්දයක් ජයග්‍රහණයට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාගැනීම අනිවාර්ය වන බව ඊයේ (29) පස්වරුවේ මාධ්‍යහමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් බවත් එය කිසිවෙකුටත් සැඟවිය නොහැකි බවත් පැවසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම ගමනක් යාම වෙනම දෙයක් බවද ඔහු කියා සිටියේය.

    පාර්ලිමේන්තුව තුළ ඇතැම් පක්ෂ මන්ත්‍රීවරු හතර පස් දෙනෙක් ඇතිවත් කෙතරම් බලයක් තබා ගන්නේ දැයි ප්‍රශ්න කරමින් ඔහු කියා සිටියේ මැතිවරණ කීපයක් ඉදිරියේදි ඇති බැවින් එහිදී තීරණාත්මක පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම පක්ෂයක් ලෙස මැතිවරණයකට තරග වැදුනහොත් ආසන 25-30 ක් දිනා ගත හැකි බව ගුණවර්ධන මහතා කියා සිටියේය.

    අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුපස ඒමට සිදුව ඇති බව ඔහු පැවසුවේය. ජනාධිපතිවරණය ජය ගන්න නම් මේ රටේ ඇති ජන සංයුතිය පිළිබඳව පොදු ජන පෙරමූණ අවබෝධ කර ගත යුතු බවත් අවධාරණය කළේය. එය හඳුනා නොගෙන ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකි බවත් ඔහු පෙන්වා‍දුනී.

    එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා හොඳින් දන්නා බවත් පක්ෂය වෙනුවෙන් රංගනයේ යෙදෙමින් සිටින බවත් වාස් ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධිපත්‍ය සහ අනන්‍යතාවය ඉදිරියටත් තිබිය යුතු බවත් පැවසු ඒ මහතා එය වෙනත් පක්ෂයකට දියාරු කළ නොහැකි බවත් පැවසීය.

     

    Last modified on සිකුරාදා, 30 අගෝස්තු 2019 12:07

    Latest News