රටේ ජනතාවට අයිති ඉඩම් විදේශයන්ට විකිණීමට කිසිවෙකුට ඉඩදිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පලේයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි සින්නයියා සිවරුබන් පිළිබඳව කළ විමර්ශන වලදි අනාවරණය වි නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පන්සල් ගොස් රට බෙදන්නවා කියා රටේ ජනතාව භයට පත් කර ඡන්ද ගැනිමේ උත්සහයක නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මගින් ඉකුත් දා නිකුත්කර තිබු තහනම් නියෝගයක් ඉවත් කරන මෙන් ඉල්ලා ඉකුත් දෙසැම්බර් මස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සම් මාර්තු මස 14 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Latest News