UNP ජනපති අපේක්ෂකයා ජනතාව ඉල්ලන දිනන නායකයෙක් - ඇමති කබීර්

අගෝ 29, 2019

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාතාව ඉල්ලන දිනන නායකයෙක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ අමාත්‍ය කබිර් හෂිම් මහතා පැවසිය.

    කබිර් හෂිම් අමාත්‍යවරයා එ බැව් කියා සිටියේ අඹගමුව ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ මිනුවන්දෙණිය දාගම්පිටියි පාර , පල්ලේවත්ත පාර , දේගස්තැන්න ඇල්ල උඩ මාර්ගය සහ අඹගමුව සෙල්ලිපිගම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරිමෙන් පසු අද (29) පැවති ජන හමුව අමතමිණි.

    එකසත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය වෙනුවෙන් විශාල කැප විමක් මේ වන විට සිදු කර ඇති බව අමාත්‍ය කබිර් හෂිම් මහතා කියා සිටියේය.

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් දිනන අපේක්ෂකයෙක් රටම ඉල්ලන බවත්, එම ඉල්ලිමට සවන් දි පක්ෂ නායකත්වය සහ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් දිනන අපේක්ෂකයාව ඉදිරියේදි ප්‍රකාශයට පත් කරන බව කබ්ර් හෂිම් මහතා අවධාරනය කළේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාව සිය පවුලේ සමාජිකයන් අතරින් තොරාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සම්මේලනයේදි ඉදිරිපත් කල බවත්, එවැනි තත්ත්වයක් එක්සත් ජාතික පක්ෂය තුල නොමැති බවත් ඔහු කියා සිටියේය.

    කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ග ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට නුවරඑලිය දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කේ. පියදාස මහතාද සහභාගි විය.

    Latest News