සිසුන් 11 ක් අපයෝජනය කළ ගුරුවරයා අධිකරණයට

අගෝ 29, 2019

    හාලිඇල, ගලඋඩ ප්‍රද්ශයේ පාසැලක ඉගෙනුම ලබන බාළ වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 11 ක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ 44 හැවිරිදි ගුරුවරයෙකු අද (29) පස්සර මහේස්ක්‍රාත් අධිකරණයට ඉදරිපත් කෙරිණි.

    සැකකාර ගුරුවරයාව බදුල්ල පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

    සෞඛ්‍ය හා ශාරීරක අධ්‍යාපන ගුරුවරයෙකු ඔහු ඊට අමතරව ගණිතය විෂය ද උගන්වා ඇති අතර මුදල් ලබාගෙන අමතර පන්තිද පාසල තුළ පවත්වා ඇත. සිසුන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට ද ලක් කෙරිණ.

    Latest News