එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (04) රාත්රී දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහය ලබා දෙන බව, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊජිප්තුව බලා පිටත්ව ගියේය.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යන්ත්‍රණයක්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) ආරම්භ කෙරිණි.

එකට එක්වී අභියෝගවලට මුහුණ දෙමින් රට ගොඩනැගීමේ කාර්යය සාර්ථක කර ගැනීමට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිනවා. 

පවතින ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් ඉදිරියේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය ‍රනිල් වික්‍රමසිංහ පවසයි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට අද පැමිණීමට නියමිතයි.

ඉතිහාසයේ විශාලතම පසුබෑමට ලක්වූ එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයේ හිමිවූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පමණයි. එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ හතලිස් නවදහස් හාරසිය තිස් පහක්.

පාස්තු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ කාදිනල්තුමාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට රහස් පොලීසිය සූදානම් බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් දිලීප පිරිස් මහතා අද (23) අධිකරණය හමුවේ කියා සිටියේය.

Latest News