වයික්කාලේ ආරවුලක් මත ද්විත්ව ඝාතනයක්

අගෝ 27, 2019

    වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ නිවසක් තුළ තරුණියක් හා ඇගේ සහෝදරයා තියුණු අවියකින් පහර දී ඝාතනය කර තිබේ.

    අද (27) පෙ.ව. 10ට පමණ මෙය සිදුවී ඇති අතර තරුණිය වසය අවුරුදු 19ක් හා ඇගේ සහෝදරයා වයස අවුරුදු 8ක් බව පොලිසිය සඳහන් කරයි.

    මෙම සිදුවීමට සම්බන්ධ අවුරුදු 28ක් වන සැකකරු වෙන්නප්පුව පොලීසිය වෙත භාර වී ඇත.

    මේ සැකකරු අද උදෑසන අසල්වැසි ඉඩමට ගොස් අදාළ තරුණිය සහ පිරිමි දරුවාට කඩුවකින් පහර දී මෙම ඝාතන සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ. මෙම සැකකරුගේ ඉඩමෙන් පිටව යන ජලය අසල්වැසි ඉඩමට ගලා යෑම හේතුවෙන් මේ දෙපාර්ශවය අතර කාලයක් තිස්සේ පැවති ආරවුලක් මත මෙම ඝාතනය සිදු වී ඇති බව එම වාර්තාාවේ වැඩිදුරටත් සඳහන් වේ.

    මේ වන විට මෘත ශරීර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වෙන්නප්පු පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.

    Latest News