ඉදිරි දිනවල වැසි තත්වයේ වැඩිවීමක්

අගෝ 27, 2019

    දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩි වීමක් හෙට දින (28) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල දිනයේ ඕනෑම වේලාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් විට බ්‍රහස්පතින්දා (29) වන විට මිමි 100ක පමණ වර්ෂාපතනයක් මෙම නිරිත දිග පළාත්වල ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඊට අමතරව අද දිනයේ අනුරාධපුරය දිස්ත්‍රික්ක තුළ සිහින් වැසි කිහිපයක් ඇති විය හැකි අතර සවස් කාලය හෝ රාත්‍රී කාලය වන විට ඌව පළාතෙත් මඩකළපුව, අම්පාර වැනි දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ද පවතී.

    උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බේනතොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකියි.

    පුත්තලම සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා මුහුදුබඩ තීරයට එපිටින් ගැඹුරු සහ නොගැඹුරු මුහුදේ තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ද පවතී.

    ගිගුරුම් හිත වැසි ඇති වන විට ඉහත ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිව ඉල්ලා සිටිනු ලැබේ.

    මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමේ කිරීමේදී, අගෝස්තු මස 27 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාවට ඍජුවම ඉහලින් පවතී. අද දින (27) දෙවල් 12.13 ට නයිනතිවු, අලෙයිපිඩ්ඩි, මාන්දේතිවු, කිළාලි, පල්ලයි සහ මරුතඩිකුලම් යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

    Latest News