එජාපය තුළ කිසිම ප්‍රශ්නයක් නැහැ... අපි ජනාධිපතිවරණය අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා..

අගෝ 25, 2019

    එක්සත් ජාතික පක්ෂය තුළ කිසිම ප්‍රශ්නයක් නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂය මේ රටේ තිබෙන පක්ෂ අතරින් ඉතා ප්‍රභල පක්ෂයක් බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    ඔහු ප්‍රකාශ කරන්නේ, අත්තනෝමතිකව යම් යම් ප්‍රකාශ නොකර, පක්ෂයක් හැටියට ඒකරාශීවෙලා කටයුතු කළොත්, ජනතා විශ්වාසය දිනාගැනීම පහසු වන බවයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, ඊයේ (24) පැවති රාගම දේවාලයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වෙමින්.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

    " ඕනෑම දෙයක් කඩාකප්පල් කරන්න හරි පහසුයි. එක්සත් කරලා ආරක්ෂා කරන්න තමයි අමාරු. අපි කිසිම භේදයක් නොමැතිව, එක්සත් ආකාරයෙන් කටයුතු කරන්න තමයි උත්සාහ කරන්නේ. මම ඉතාමත් වගකීමෙන් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේවත්, කෘත්‍යාධිකාරි මණ්ඩලය තුලවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි පසුගිය සමයේ යම් අපහසු කාලයක් පසුකරන් ආවා. දැන් අපි ඒ දේවල් නිවැරදි කරගෙන යනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ, අපි ජනාධිපතිවරණය අනිවාර්යෙන් ජයගහණය කරනවා. ඒ ලබන ජයග්‍රහණය යම් විනයක්, නීතී රාමුවක්, සම්ප්‍රදායක් තුළින් තමයි අපි ලබාගන්නේ "

    යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    Last modified on ඉරිදා, 25 අගෝස්තු 2019 12:03

    Latest News