ඡයාරූප ශිල්පී ඇමතිවරු

අගෝ 22, 2019

    අමාත්‍ය පාඨලී චම්පික රණවක ගනු ලැබූ ඡායාරූප ප්‍රදර්ශනයක් මේ දිනවල කොළඹ දී පැවැත්වේ.

    එය නැරඹීමට ඊයේ (21) එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේය. ඒ අවස්ථාවේ විශේෂ සිදුවීමක් දැකගත හැකි විය. ඒ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් අමාත්‍ය පාඨලී රණවක මහතාගේ ඡායාරූපයක් ලබාගන්නා අයුරු සහ ඉන්පසු අමාත්‍ය පාඨලී රණවක විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ඡායාරූපයක් ලබා ගන්නා අයුරු දැක ගත හැකි විය. ඉන් අනතුරුව ඔවුහු සුහද පිළිසඳරකද නිරත වූහ.

    Saji 01

    Saji 02

    Saji 04

    Saji 03

    Saji 05

    අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ලබගත් ඡායාරූප මෙම ප්‍රදර්ශනයට එක් කර තිබේ. එය “සිංහාභාමානය” ලෙස නම් කොට ඇත. එය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට පැරණි ලන්දේසි රෝහල පරිශ්‍රයේ දී පැවැත්වේ.

    Latest News