කිලිනොච්චියේ රත්‍රං සහ ආයුධ සොයා පොලිස් මෙහෙයුමක්

අගෝ 22, 2019

    කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වට්ටකච්චි ප්‍රදේශයේ ඉඩමක එල්.ටී.ටී.ඊ සංවිධානය සැඟවු ආයුධ හා රත්රන් ඇති බවට ලද තොරතුරක් මත ආරක්ෂක විසින් කැනීම් සිදු කර තිබේ.

    එ අනුව ඊයේ (21) දිනයේ දී මෙම කැනීම් සිදු කල බව කිලිනොච්චිය ධර්මපුරම් පොලීසිය පවසයි. ධර්මපුරම් පොලිස් නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව අංක 885, ආරුමුගම් පාර,වට්ටකච්චි, කිලිනොච්චිය යන ලිපිනයේ ඉඩම කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත කැනීම සිදුකර ඇත.

    කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පුරාවිද්‍යා නිලධාරීන්, ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන් ඉදිරියේ යුද හමුදා හා පොලිස් ආරක්ෂාව යොදා කැනීම් කටයුතු සිදුකළ බව පොලීසිය පවසයි.

    මෙම කැනීම් තුළින් කිසිවක් හමුනොවු අතර, මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කැනීම් කටයුතු නවතා දමා තිබේ.‍‍‍දැම බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

     

    Sridharan1 900px 19 08 22

    Sridharan2 900px 19 08 22

    Sridharan3 900px 19 08 22

    Sridharan4 900px 19 08 22

    Sridharan5 900px 19 08 22

    Last modified on බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2019 12:55

    Latest News