“නව තාක්ෂණික අධ්‍යාපනයක් රටතුළ ඇති කරනවා”- අමාත්‍ය චම්පික රණවක

නොවැ 08, 2019

    නව තාක්ෂණික අධ්‍යාපනයක් රටතුළ ඇති කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (07) වෝටර්ස් ඒජ් හීදී පැවති දහම්පාසල් ගුරුවරුන්ගේ හමුවකදී සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

    "තමන් ජීවත්වන රටේ භාෂාව, සංස්කෘතිය, ඉතිහාසය, සම්ප‍්‍රදායන් ඉගෙන ගත යුතුයි. එය අධ්‍යාපනයේ මුලික පරමාර්ථය. ජීවන වෘත්තියට අවශ්‍ය කරන කුසලතාවය වර්ධනය කර ගැනීම අවශ්‍යයි. වෛද්‍ය වෘත්තියට, ඉංජිනේරු වෘත්තියට වැනි වෘත්තීන්වලට තරඟකාරීත්වයක් ඇතිව තිබෙනවා. අනෙකුත් වෘත්තීනුත් එලෙස තරඟකාරීත්වයක් පවතිනවා. ජීවන කුසලතාවයක් ලබා ගැනීම අධ්‍යාපනයේ දෙවන පරමාර්ථය. අධ්‍යාපනයේ තුන්වන පරමාර්ථය නිර්මාපකයෙක් බිහිකිරීම. නායකයෙක් බිහිකිරීම. නව නිර්මාණ, ආගමික, වෘත්තිය, දේශපාලන, සමාජ ආදී ලෙසින් නායකයින් බිහිවිය හැකියි. දැනුම, නවනිර්මාණ පදනම් කරගත් අධ්‍යාපන රටාවක් නිර්මාණය කිරිම තමයි සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධාන අරමුණ.

    විද්‍යාව, ගණිතය, තාක්ෂණික විෂයන් සම්බන්ධයෙන් හැම ශිෂයෙකුගේම ප‍්‍රගුණ කරන්න අවස්ථාව ඇති කරනවා. තාම ජපානයට, එක්සත් ජනපදයට නිදහස් අධ්‍යාපනය ගේන්න බැරිවුණා. නමුත් සජිත් ප්‍රේමදාස මහතා පෙර පාසලේ සිට උපාධිය දක්වාම නිදහස් අධ්‍යාපනය ලබා දෙනවා. විශ්වීය අධ්‍යාපන ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කරන රටක්. ලෝක බැංකු වාර්තාවලට අනුව අපි අධ්‍යාපනයට, සෞඛ්‍යයට සිදුකර ඇති ආයෝජනය සෞඛ්‍ය සම්පන්න ජනතාවක් නිර්මාණය කර තිබෙනවා. හැකියාවට රැකියාවක් ලබා ගැනීම, නවොත්පාදනය පැත්තෙන් බැලුවත් අධ්‍යාපනය ලබා ඒ තුළට ප‍්‍රවේශ වෙන්නේ 58%ක්. සිංගප්පුරුව තමයි අංක එක ලෙස සිටින්නේ ඔවුන්ගේ දායකත්වය 88%යි. සිංගප්පුරුව ගණිත, භෞතික විද්‍යාව වැනි දාර්ශනික තාක්ෂණික විෂයන්වලට මුලිකත්වය ලබා දී තිබෙනවා. අපේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය කේෂ්ත‍්‍රය ශක්තිමත්. ඉදිරියේදී සෞඛ්‍යයට හා අධ්‍යාපනයට වැඩි උනන්දුවක් දක්වනවා. ඒ වගේම නවෝත්පාදනයේ පියවර දෙකක් අප ලබා ගන්නවා. නවෝත්පාදනය උනන්දු කරවන්න අරමුදලක් හදනවා. ඒ තුළින් නවෝත්පාදන ඉදිරියට ගෙන යන්න, පර්යේෂණ කරන්න රුපියල් බිලියන 10ක අරමුදලක් ලබා දෙනවා. ඒ වගේම එය වාණිජ්‍යකරණය කරගන්න තවත් බිලියන 10ක අරමුදලක් ලබාදෙනවා. අධ්‍යාපනය නව තාක්ෂණික අධ්‍යාපනයක් බවට පත්කරනවා” යැයි පැවසීය.

    Latest News