GMOA වැඩවර්ජනය අරඹයි..රජයේ සංසදයේ කිසිඳු සහයක් නෑ..

අගෝ 22, 2019

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද පෙරවරු 8.00 සිට හෙ පෙරවරු 8.00 දක්වා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම එක්දින සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසන්නේ. මෙම වර්ජනය මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල, විශේෂික වකුගඩු ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිද හමුදා රෝහල්වල ක්‍රියාත්මක නොකරනයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    මෙම වර්ජනයට සහය ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය පවසයි. දේශපාලන අරමුණු මුල් කර ගනිමින් ජනතාව මුලා කරන ව්‍යාජ කරුණු මත පදනම්ව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔවු ප්‍රකාශ කරන්නේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2019 08:03

    Latest News