කොළඹට හා ගම්පහට තද වැසි

අගෝ 22, 2019

    කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 50කට වැඩි වර්ෂාපතනයක් අද අපේක්ෂා කෙරේ.

    යාපනය, කළුතර,ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සහ සබරගමුව,මධ්‍යම පළාත්වලින් මිලි මීටර 100ක වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
    බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ. වැසිවාර කිහිපයක් අනුරාධපුරය හා බදුල්ල දිස්ත්‍රික්වල පවතිනු ඇති. සවස 2.00න් පසු, වැසි හෝ ගිගුරුම් සහිත වැසි අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ද ඇතිවිය හැකියි.

    පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකියි. කන්කසන්තුරය හා මන්නාරම හාරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2019 07:52

    Latest News