අනුරාධපුරය නුවර වැව අවදානම්

නොවැ 21, 2018

    අනුරාධපුර නුවර වැවේ ජල කාන්දුවක් දක්නට ලැබෙන බව, ප්‍රදේශවාසීන් පවසයි.

    කඩිනම් විසඳුමක් නොලැබුණහොත්, වැව් බැම්ම කැඩී යාමේ අවදානමක් ද පවතින බවයි, ඔවුන් පවසන්නේ.

    වැව් බැම්මට පහළ ස්ථාන කිහිපයකින් ජලය කාන්දු වන බවයි, වාර්තා වන්නේ. වලව්වත්ත, අනුරාධපුර පැරණි නගරය, පූජා නගරය හා යාපනය හංදිය පහළ ප්‍රදේශ වෙයි.

    මේ පිළිබඳව වගකිවයුත්තන් දැනුවත් කර ඇති නමුත්, මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නැහැ. පසුගිය දිනවල පැවති වර්ෂාව නිසා, වැව උපරිම ජල මට්ටමට පැමිණ තිබේ.

    මීට පෙර, කුඩා දියසීරාවක් දක්නට ලැබුණ ද, වැව ජලයෙන් පිරීයාමත් සමඟ ජල කාන්දුව වැඩි වී ඇතැයි, ප්‍රදේශවාසීන් පවසයි.

    Latest News