යාපනය කැලයකින් ගංජා පාර්සල් 8ක්

අගෝ 21, 2019

    යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගැනිණ.

    උතුරු නාවික විධානය සහ යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී කැලෑ බද ප්‍රදේශයක පාර්සල් අටක් (8) තුල අසුරා තිබු මෙම කේරළ ගංජා තොගය සොයා ගැනුණ.

    ඔවුන් ගමන්ගත් කැබ් රථය ද නාවික හමුදා බාරයට ගැනිණ. මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 සහ 42 වන වියෙහි පසුවන මන්නාරම සහ වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන්. සැකකරුවන්, කැබ් රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කයිට්ස් පොලීසිය වෙත භාරදෙනු ලැබීය.

    Last modified on බදාදා, 21 අගෝස්තු 2019 07:45

    Latest News