යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 62කට අධික තොගයක් සොයා ගැනුණා.

කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු කිරුළපන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට අධිකයි.

මන්නාරම,මාන්තෙයිහිදී කැබ් රථයක් පරීක්ෂා කිරීමේ දී කේරළ ගංජා 200kgයි 165gක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව චුන්දිකුලම් වෙරළ ප්‍රදේශ‍යේ සිදු කළ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් අසු තුනක් (83) ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.

කේරළ ගංජා 122kg ක් සමග සැකකරුවන් 2ක් යාපනය වඩ්ඩුක්කෝඩෙ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගැනිණ.

මැදවච්චිය, මාර්ග බාධකයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 142.812 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණ.

මාකඳුරේ මධූෂ් සමඟ පසුගියදා ඩුබායි හිදී අත්අඩංගුවට පත් රංගන ශිල්පී රයන් වැන් රූයන් භාවිතා කරන ලද බව කියන මෝටර් රථයක් මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක රඳවා තිබියදී වැලිගම ⁣මූලස්ථාන පොලීසිය විසින් සොයා ගෙන ඇත.

එම මෝටර් රථය තුළ තිබී කේරල ගංජා ග්‍රෑම් 5.75 (මිලිග්‍රෑම් 5750) ක් ද හමුවී ඇත.

අදාල මෝටර් රථය රයන් විසින් භාවිතා කරන ලද මෝටර් රථය බවට ඩුබායිහිදි අත්අඩංගුවට පත් සන්ෂයින් සුද්දා නොහොත් අමිල ප්‍රසංග හෙට්ටිහේවා ගේ සහෝදරයා විසින් පොලීසියට ප්‍රකාශයක් ලබා දී ඇත.

එම රථය වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ පවත්වයි.

Latest News