ඕස්ට්‍රේලියාවට ගිය 13ක් ආපසු දිවයිනට

අගෝ 16, 2019

    නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු එරටින් පිටුවහල් කර විශේෂ ගුවන් යානයකින් අද (16) උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත එවා තිබේ.

    මෙම සියලු දෙනා පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් හලාවත ප්‍රදේශයෙන් බහු දින ධීවර යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාව වෙත ගොස් ඇත.

    ඔවුන් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසකගේ රැකවරණය යටතේ එවා තිබුණි.

    මේ වනවිට මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇත.

    Latest News