පිය - පුතු ප්‍රපාතයෙන් පහළට

අගෝ 15, 2019

    මස්කෙලිය සාමිමලේ සිට හැටන් දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් ගත් පියා සහ පුතා සුළු තුවාල ලබා තිබේ.

    අද (15) උදැසන 8 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ සාමිමලේ හැටන් ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදිය.

    අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු ලොරි රථයකට ඉඩ ලබා දිමට යාමේදි ත්‍රිරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති නොර්වුඩ් පොලිසිය පවසයි. අනතුරෙන් ත්‍රිරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.

    threewheeldawning1 px 900 1

    Latest News