පූනරින් මන්ඩකල්ලාර් රක්ෂිතයේ බුරුත දැව ජාවාරමක් (ඡායාරූප)

අගෝ 14, 2019

    පූනරින්, ජයපුරම් ප්‍රදේශයේ බුරුත දැව ජාවාරමක් යුද හමුදාව මැදිහත් වීමෙන් සොයා ගනී.

    මන්ඩකල්ලාර් රක්ෂිතයට අයත් කැලෑවේ මෙම බුරුත දැව ජාවාරම සිදුව තිබේ. එම රක්ෂිතය තුළ විශාල බුරුත ගස් කපා දමා තිබෙන අතර ඒ ස්ථානයේ දීම දැව ඉරීමද සිදු කර ඇත.

    663වන බලසේනාවට අයත් 15වන කාලතුවක්කු රෙජිමේන්තුවේ සෙබලුන් විසින් කළ සෝදිසි මෙහෙයුමක දී මෙම දැව තොගය සොයා ගෙන තිබේ. ඒ අවස්ථාවේ දැව ජාවාරම් කරුවන් සොයා යුද්ධ හමුදා විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කළත් ඔවුන් ගැන තොරතුරක් සොයා ගැනීමට නොහැකිව ඇත. අනතුරුව කපා දැමූ දැව, ඉරූ ලී සහ ජාවාරම්කරුවන්ගේ ආම්පන්න බීට්ටු වන සංරක්ෂණ කාර්යාලයට භාර දී තිබේ.

    මෙම ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ සිදුව තිබෙන බවට සැක කරන බව යුද්ධ හමුදාව පවසයි. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ යුද්ධ හමුදාවේ සහයෝගය ඇතිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි.

    burutha 1

    burutha 2

    burutha 3

     

    Latest News