ආචාර්ය ඇන්.ඇම් පෙරේරා මහතාගේ ගුණ සැමරේ

අගෝ 14, 2019

    ලාංකීය වාම ව්‍යාපාරයේ පුරෝගාමී නායකයෙකු හා කෘතහස්ත දේශපාලනඥයෙකු වූ දිවංගත ආචාර්ය ඇන්.ඇම් පෙරේරා මහතාගේ 40 වැනි ගුණානුස්මරණය අදට යෙදී තිබේ.

    ඒ නිමිත්තෙන් උත්සවයක් බොරැල්ල ආයුර්වේද මංසන්ධියේ පිහිටි ආචාර්ය ඇන්.ඇම් පෙරේරා පිළිරුව අභියසදී අද (14) උදේ පැවැත්විණ. ආචාර්ය ඇන්.ඇම් පෙරේරා මහතා වසර 40ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කොට තිබේ. දේශපාලනික වශයෙන් ඔහුගෙන් ඉටු වී ඇත්තේ, අමිල මෙහෙයක්. ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරුණේ, කෑගල්ල දිස්ත්‍රික් සමසමාජ පක්‍ෂ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන්. යටියන්තොට නගර මධ්‍ය යේ පිහිටි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද අද සිදු කෙරිණ.

    Latest News