ලොරි හොරා CCTVවලින් මාට්ටු (වීඩියෝ)

අගෝ 14, 2019

    හැටන් නගරයේ ගාල් කර තිබු කුඩා ලොරි රථයක් සොරකම් කළ සැකකරුවෙකු ලොරි රථය සමග අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් අද (14) සමත් වි ඇත.

    අද උදෑසන 6.45 පමණ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබූ කුඩා ලොරි රථයක් මෙසේ සොරකම් කර තිබේ. එම ලොරියේ දොර විවෘත කර එය පන ගැන්විමට උත්සහ කර ලොරි රථය පන ගැන්විමට නොහැකි වු නිසා සැකකරු විසින්ම ලොරි රථය මාර්ගයට තල්ලු කර පන ගන්වා හැටන් ස්ටැඩන් වතු යායට රැගෙන ගොස් සඟවා ඇත.

    ලොරි රථයේ අයිතිකරුගෙන් හැටන් පොලිසියට ලද පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වු හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් ලොරි රථය ගාල් කර තිබු ස්ථානයේ ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර සැකකරුව හඳුනාගෙන පසුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි ලොරි රථය සඟවා තිබු ස්ථානය සොයා ගැනිමට පොලිස් නිලධාරින් සමත් වි ඇත.

    සැකකරු හැටන් රොතැස් වතු යායේ පදිංචිකරුවෙකු බවත්, සැකකරු අවුරුදු 37 වයසැති අයෙකු බවයි පොලිසිය කියා ප්‍රකාශ කරයි.

    අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

    Last modified on බදාදා, 14 අගෝස්තු 2019 19:14

    Latest News