අඩු පීඩනය - පීඩන අවපාතයක් ලෙසට - දිවයිනට තද වැසි

නොවැ 20, 2018

    දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුලදී තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් බස්නාහිර දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

    මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් දැතිය හැක. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100-150පමණ තද වැසි ද ඇති විය හැක අතර විශේෂයෙන්, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ක පමණ තද වැසි ඇතිවේ.

    උතුරු පළාත හරහා හමන පැ.කි.මී. 40-50 ක පමණ වන තරමක තද සුළං අද (20) සහ හෙට දින වලදී බලාපොරොත්තු විය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    Last modified on අඟහරුවාදා, 20 නොවැම්බර් 2018 16:51

    Latest News