නබි නායකතුමන්ගේ ජන්ම දිනය

නොවැ 20, 2018

    ස්ලාම් ආගමික නායක නබිනායක තුමාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ. ආමිනා තුමියට හා අබ්දුල්ලා යන අයට දාව උපන් මුහම්මද් හෙවත් නබිනායක තුමාගේ උපත සිදුවූයේ ක්‍රිස්තු වර්ෂ 571 දී සෞදි අරාබියේ මක්කම නගරයේදීයි. කුඩා කල නිසි අධ්‍යාපනයක් නොලද ඔහු තරුණ වියේදී එඩේර ජීවිතයක් ගත කළ අතර පසුව ව්‍යාපාරිකයෙකු ලෙස විවිධ ප්‍රදේශවල සංචාරය කළේ ය.

    අන් අය අතර විශ්වාස ගොඩ නගාගත් එතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත විය. මුහම්මද් නබිතුමන් සුවිශේෂි කරුණු මත අන් අය අතර ප්‍රචලිත වූ අතර ඉස්ලාම් දහම ලොවපුරා ව්‍යාප්ත කරමින් ඔහුට හතලිස් වැනි වියේදී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරුවීමේ වරම ලැබිණ.

    අනතුරුව අරාබිකරයේ ප්‍රජාව නිවැරදි මගට යොමු කිරීමට කටයුතු කළ එතුමන් වසර 23ක් තිස්සේ දෙවිදුන්ගෙන් ලැබුණු මෙහෙවර ඉටු කළේ ය.

     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පණිවිඩය

    IMG 0004rrrr

    Last modified on අඟහරුවාදා, 20 නොවැම්බර් 2018 11:53

    Latest News