හඡ් උත්සවය අද (වීඩියෝ)

අගෝ 12, 2019

    ලොව පුරා මුස්ලිම් බැතිමතුන් අද හජ් උත්සවය සමරයි. විශ්වාසය,උපවාසය,පරිත්‍යාගය,සමානාත්මතාව හා සහෝදරත්වය යන පංචවිධ ගුණාංග ඉටු කිරීම හජ් උළෙලේ ප්‍රධාන අරමුණයි.

    අන්‍ය ආගම් සමග සමානව දිවි ගෙවන ශික්ෂණය ලබාදීම ද හජ්ජ උත්සවයේ තවත් අරමුණක්. සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මේ මහා උත්සවය කායික, මානසික හා අර්ථික වශයෙන් සවිමත් කිරීමට සෑම පුරුෂයෙකු හා ස්ත්‍රියක ඉස්ලාම් දහමේ පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය වෙයි.

    ඉස්ලාම් දහමේ මූලික ඉගැන්වීමක් වන සමාජය තුළ පවතින ඇති නැති පරතරය දුරලා, සමානාත්මතාවය හා සහෝදරත්වය ඇති කිරීමට අධිඨන් කිරීම ද ඉස්ලාම් බැතිමතුන් අද දින කටයුතු කරයි. මනුෂ්‍යත්වය හා දේවත්වය අතර පවත්නා උත්කෘෂ්ට බන්ධනය, මානව සංහතියේ යහපැවැත්ම වෙනුවෙන් යොදා ගැනීමට අද දිනයේ ඔවුන් අරමුණු කර ගන්නවා.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 20:03

    Latest News