ලක්ෂ 50ක දුම්වැටි - රත්‍රං රේගුව අල්ලයි

නොවැ 19, 2018

    තායිලන්තයේ - බැංකොක් නුවර සිට මෙරටට නීති විරෝධී ලෙස රැගෙන ආ රත්‍රං තොගයක් සමග තිදෙනෙකු රේගු අත්අඩංගුවට ගැනිණ.

    වටිනාකම රුපියල් ලක්ෂ 40කට අධිකයි. රත්‍රං තොගය ඔවුන්ගේ ඇඳුම්වල සූක්ෂම ලෙස සඟවාගෙන පැමිණ තිබේ. ඒවායේ බර ග්‍රෑම් 684ක්. සැකකරුවන් ජාඇල - මිනුවන්ගොඩ සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ප්‍රශ්න කිරීමේ දී හෙළි වී තිබේ.

    මේ අතර, ඩුබායි සිට මෙරටට නීති විරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් අද අලුයම රේගු බාරයට ගැනිණ. වටිනාකම රුපියල් ලක්ෂ 10ක්. දුම්වැටි කාටූන් 99ක දුම්වැටි විසි දහසකට ආසන්න ප්‍රමාණයක් එහි තිබූ බවයි, රේගුව පවසන්නේ. දුම්වැටි රුගෙනවිත් ඇත්තේ කාන්තාවක් විසින්. ඇය, හලාවත, මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක්.

    Last modified on සදුදා, 19 නොවැම්බර් 2018 10:45

    Latest News