පාර්ලිමේන්තු සාමය රකින්න ජනපතිගෙන් වැඩපිළිවෙළක්

නොවැ 19, 2018

    අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේ දී කිසිඳු කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටට ජනතාව රැගෙන නොඑන ලෙස ජනපති ඉල්ලා සිටී.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම ඉල්ලීම සිදුකළේ සර්ව පාර්ශවික හමුවෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින්.

    ආණ්ඩු පක්ෂය හා විපක්ෂය විසින් විශාල වශයෙන් ජනතාව කැඳවීමට සැලසුම්කර ඇති බව, තමාට ආරංචි වී ඇති බවත් ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    එසේ වුවහොත්, විශාල මත ගැටුමක් ඇතිව අනවශ්‍ය සිදුවීම් ඇතිවිය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

    මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් වළක්වාගෙන පාර්ලිමේන්තුව සාමකාමීව ඉදිරියට පවත්වාගෙන යෑම සැමගේම වගකීමක් බවත් ජනපති පෙන්වා දුන්නේය.

    ජනාධිපතිතුමා මෙහිදී තවදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ පසුගියදා ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම කරුණු ඉදිරිපත් කළ බවයි. එම කරුණු අනූව ජනපති ප්‍රකාශ කළේ ගැටුම්කාරී අවස්ථාවක දොපර්ශව විසින්ව වගකීමෙන් කටයුතු කිරීමෙන්, ජාත්‍යන්තර වශයෙන් සිදුවන අපකිර්තිය වළක්වාගැනීමට හැකිවන බවයි.

    විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති කළ හැකි පරිදි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය භාවිත කරමින් අද දින ඡන්දය ගණනය කිරීම අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    Last modified on සදුදා, 19 නොවැම්බර් 2018 09:39

    Latest News