දෙවැනි කුඹල් පෙරහැර අද

අගෝ 06, 2019

    ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහැර අද රාත්‍රී 7.00ට වීථි සංචාරය කෙරේ. නුවර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ පෙරහැර වීථි සංචරය කිරීමට නියමිතයි.

    ඊයේ රාත්‍රී 7.02ට යෙදුනු සුබ මොහොතින් දකුණු දිශාව බලා පෙරහැර ආරම්භ කෙරේ. පෙරහැරට දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා ඇතුළු නිලමේවරුන් ඊට එක්ව සිටියි. දළදා කරඩුව වැඩම කරවීම සිදු කළේ වාසනා හස්ති රාජයා විසින්. කරඩුව වැඩම කරවීම ඉන්දිරාජා හස්තියා විසින් සිදු කිරීමටයි, නියමිතව තිබුණේ.

    එහෙත්, ඉන්දිරාජා හස්තියාට හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන්, වාසනා හස්ති රාජයා ඒ සඳහා යොදවා ගැනිණ. දෙස් - විදෙස් විශාල පිරිසක් පෙරහැර නැරඹීමට පැමිණ සිටියේය. පෙරහැර සඳහා දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා තිබිණ.

    Last modified on අඟහරුවාදා, 06 අගෝස්තු 2019 08:41

    Latest News