අගමැති එක්ක ඇමති 3ක් අද සාක්ෂියට..

අගෝ 06, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (06) පෙරවරු 2.00ට යළි රැස්වීමට නියමිතයි.

    අද දිනයේ සාක්ෂි ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණීමට නියමිතයි. ඊට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි. නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ භාරව සිටි අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩර යන අය ද අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.

    Last modified on අඟහරුවාදා, 06 අගෝස්තු 2019 08:33

    Latest News