හම්බන්තොට නගරාධිපතිට වසර 5ක සිරදඩුවමක් (වීඩියෝ)

අගෝ 02, 2019

    හම්බන්තොට මහ නගරසභාවේ නගරාධිපති එරාජ් චමින්ද ප්‍රනාන්දු සහ හේමසිරි පරණමාන්නට හම්බන්තොට පළාත් බද මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විසින් අද වසර 5ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කරනු ලැබීය.

      ඒ 2014 වසරේ අප්‍රේල් 17 වැනිදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරික්ෂණ චාරිකාවක නිරතව සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට තර්ජනය කිරීම ඇතුළු චෝදනා 20කට වැරදිකරු කරමින්.  එරාජ් චමින්ද ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව නඩුව ගොනුකර තිබිණ.  එහි දෙවන,තුන්වන හා සිව්වන විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට හම්බන්තොට පළාත් බද මහාධිකරණය නියම කළේය. 

    මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය නිරීක්ෂණයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් වන අජිත් පී පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, ඉරාන් වික්‍රමරත්න, ආර්. යෝගරාජන් සහ නලීන් බණ්ඩාර මහත්වරුන් එක් වු අතර එහිදි ඔවුන්ට තර්ජනාත්මක විරෝධයක් එල්ල කෙරිණ. පසුව ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව හම්බන්තොට වරාය නැරඹීමට ගිය අතර එහිදී ද පිරිසක් විරෝධය පල කළහ.

    unpmpattacked2 px 900 19 08

    (2014 අප්‍රේල් 17 වැනිදා සිද්ධිය වු දින ඡායාරූප)

    හම්බන්තොට නගරාධිපතිවරයා ද එම අවස්ථාවේ හම්බන්තොට වරාය පරිශ්‍රයට පැමිණි අතර පසුව මන්ත්‍රීවරුන් පිරිස පිටත්කර යැවීමට පියවර ගැනිණ.

    වරාය පිවිසුම් දොරටුව අසළදී මන්ත්‍රීවරුන්ට බිත්තර ප්‍රහාරයක් එල්ල විය‍. පසුව ඔවුන් ප්‍රහාරයට ලක් වු බස් රථයෙන්ම ‍පැමිණ කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    unpmpattacked px 900 19 08

    (2014 අප්‍රේල් 17 වැනිදා සිද්ධිය වු දින ඡායාරූප)

    unpmpattacked3 px 900 19 08

    (2014 අප්‍රේල් 17 වැනිදා සිද්ධිය වු දින ඡායාරූප)

     

    Last modified on සිකුරාදා, 02 අගෝස්තු 2019 15:09

    Latest News