5 වැනි දින සිට මහනුවර සුරා සල් වැසේ

අගෝ 02, 2019

    මහනුවර ආශ්‍රිත ප්‍රදේශවල සුරා සල් ලබන 5 වැනි දින සිට 15 වැනි දින දක්වා වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ ශ්‍රී දළදා මළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය හේතුවෙන්.

    ඒ අනුව එම කාල සීමාව තුළ කඩවත්සතර, ගගවට කෝරළය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය තුළ හා පේරාදෙණිය, කටුගස්තොට, අලදෙණිය, අඹතැන්න, මඩවල, මැණික්හින්න, දිගන හා තලාතුඹය ප්‍රදේශ වල සියලු සුරා සල් වසා තැබේ.

    එමෙන්ම දළදා මාළිගාවේ සිට කිලෝමීටර් 8ක දුර සීමාවක් තුළ පවතින සිල්ලරට විකිණීමේ බලපත්‍ර සහ විශේෂ බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතුය.

    අදාළ කාලසීමාව තුළ නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    Latest News