මරණ දණ්ඩනය අහෝසි කිරීම පිණිස වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

අගෝ 01, 2019

    මරණ දණ්ඩනය අහෝසි කිරීම සහ ආනුෂංගික විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත අද (1) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ ය.

    මේ අතර වෙළඳ නැව් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට අද (01) ඉදිරිපත් කෙරිණි. ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්  පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ ය.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2019 16:26

    Latest News