තොඩුවාව මුහුදු තීරය උග්‍ර ඛාදනයකට..

අගෝ 01, 2019

    දැඩි ලෙස මුහුදු රළු වීමෙන් හලාවත මහවැව තොඩුවාව ප්‍රදේශයේ මුහුදු තීරය උග්‍ර ලෙස ඛාදනය වීමට ලක්ව තිබේ.

    තොඩුවාව මුහුදු තීරයේ මැද තොඩුවාව, මට්ටකොටුව තොඩුවාව ඇතුළු ගම්මාන කිහිපයකට අයත් වෙරළ ප්‍රදේශයේ කිලෝමීටර 02කට වැඩි ප්‍රමාණයක් මුහුදේ සිට ගොඩබිමට මීටර 500ක් පමණ මේ වන විට ඛාදනයට ලක්ව තිබේ.

    පවතින තත්වය පාලනය කිරීමට නොහැකි වුවහොත්, මට්ටකොටුවේ සිට තොඩුවාව දක්වා මුහුදට සමාන්තරව ඉදිකර ඇති කොන්ක්‍රීට් මාර්ගය ද විනාශ විය හැකි බව ධීවරයින් පෙන්වා දෙයි. ඉදිකර තිබෙන ආරක්ෂිත ගල්වැටි ද ක්‍රමවත්ව යොදා නොමැතිවීම ඛාදනය තවදුරටත් උග්‍රවීමට බලවා ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි. මේ සම්බන්ධයෙන් මහවැව ප්‍රාදේශීය ලේකම් එච් එන් හේරත් මහතා පවසන්නේ, මුහුදු ඛාදනය අවම කිරීමට ගල්වැටි 14ක් සඳහා අනුමැතිය ලැබී ඇති බවයි. ඒවා මුහුදු වෙරළේ රළු ස්වාභාවය පහව ගියපසු ගලැවැටි සිදුකරන බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2019 12:56

    Latest News