අම්පාර ගොවිබිම්වල පලිබෝධ නාශක විකල්ප ව්‍යාපෘතියක්

අගෝ 01, 2019

    අම්පාර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා කාර්යාල විසිපහක් මුලිකත්වයෙන් මෙවර යලකන්නයේ ක්‍රියාත්මක කළ, වී වගාවේ එකාබද්ධ පලිබෝදක නාශක වැඩ සටහනින් ගොවින් දහසකට වැඩි පිරිසක් තම වගාව පරිසර හිතකාමි අයුරින් සිදු කර රාසායණික කෘමිනාසක භාවිතය අවම කිරිමට සමත්ව ඇති බව කෘෂි කර්ම දෙපාර්තමේන්තු නිළධාරින් පවසා සිටි.

    අම්පාර දිස්ත්‍රික් වී වගාවේ එකාබද්ධ පලිබෝදක නාශක වැඩ සටහනිනේ හැතෑපස්වැනි වැඩසටහන අම්පාර අඹගහවැල්ල ගොවින් වෙනුවෙන් පවත්වනු ලැබුණ. පලිබෝදක නාශක භාවිතයේ අනිස් ප්‍රථිඵල හදුනා ගැනිම වී වගාවට හිතකර සතුන් හදුනා ගැනිම වි වගාවේ එකාබද්ධ පළිබෝදක කළමණාකරණය මගින් වගාව ආරම්භයේ සිට අස්වැන්න නෙලා ගන්නා අවස්ථාව තෙක් තම වගාවන් පරික්ෂා කිරිමේ ශිල්පිය ක්‍රම භාවිතය පිළිබද අවදානය යොමු කර ඇත.

    මෙම වැඩසටහන සදහා කෘෂිකර්මය විෂයක් වශයෙන් හදාරන පාසල් සිසු සිසුවියන්ද ඇතුලත්ව සිටි. ඔවුන් හට ප්‍රායෝගිකව මෙම වැඩසටහන තුලින් පරිසර හිතකාමි සහ සෞඛ්‍ය ආරක්ෂිතව වගාවන් සිදු කරන ආකාරය පැහැදිලි කර දෙනු ලැබිණ. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවින් දෙදහසක පමණ ඉලක්ක කර මෙම වැඩසටහන පවත්වා තිබේ. කාබනික පොහොර භාවිතය සහ තම වගාවන්ට පළිබෝදකයන්ගෙන් සිදුවන හානි මුල් අවදියේ හදුනා ගෙන රාසායනික කෘමිනාසක භාවිතය අවම කිරිම මෙහි මුලික අරමුණවේ.

    Latest News