දළදා පෙරහැරේ නැකතට කප් කැපීම අද

අගෝ 01, 2019

    ඓතිහාසික මහනුවර දළදා පෙරහැර පැවැත්වීමේ ඉපැරණි චාරිත්‍රය ඉටු කරමින්, කප කැපීම අද අලුයම 4.33ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණ.

    එය සිදු කෙරුණේ, මහනුවර මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන්. වසර 300ක සිට මෙම චාරිත්‍රය, අඛණ්ඩව සිදු කෙරේ. අලුත්නුවර, දැඩිමුණ්ඩ දේවාලය වෙත මංගල හස්ති රාජයා පිට හේවිසි තූර්ය වාදන මධ්‍යයේ රැගෙන එන කප පුද පූජා පවත්වා දර්ශනීය පෙරහැරකින් මහනුවර මහා විෂ්ණු දේවාලයට වැඩමකර තිබේ.

    එය අද සවස සුබ මොහොතින් කපා සිව්මහා දේවාල වෙත ලබාදීමට නියමිතයි. හෙට කප් සිටුවා,පෙරහැර ආරම්භ කිරීමේ චාරිත්‍ර ඉටු කෙරේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2019 11:14

    Latest News