නීතියෙන් එන්න - තනතුරු අතහරින් සූදානම් (වීඩියෝ)

නොවැ 17, 2018
  • නීත්‍යානුකූ ක්‍රියාවලියක් තුලින් අගමැති ධුරය ඉවත් කළහොත් තනතුර අතහැර යාමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ, කසාගල රජමහා විහාරස්ථානයේ ඊයේ පස්වරුගේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්. විශ්වාසභංග යෝජනා හෝ වෙනත් කිසිඳු කාරණාවක් නීතියට පිටින් ගෙනැවිත් අගමැධුරයෙන් ඉවත් කිරීමට සිතන්නේ නම් එක කිසි විටකත් ඉටු නොවන බව ද ඔහු කියා සිටී. අග්‍රාමාත්‍ය ධුරය ජනාධිපතිතුමා විසින් ව්‍යවස්ථානුකූලව පත්කර ඇති බැවින් ඉවත් කිරීමේ හැකියාව ජනපති සතුවන බවයි, ඔහු කියා සිටින්නේ.

    නීත්‍යානුකූලව විශ්වාසභංගයක් ගෙනැවිත් එය සභාව තුළ සම්මත කර ගන්නා ලෙස ද ඔහු එහි දී ප්‍රකාශ කළේය. අධිකරණය විධායකය, විධායකය හා ව්‍යවස්ථාධායකය මත ක්‍රියාත්මක බැවින් ප්‍රජාතන්ත්‍රවාදය රැකීම වෙනස් මාර්ගවලින් සිදුකළ නොහැකි බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    Latest News