පෙම්වතිය සැගෙව්වාට පෙම්වතා කළ දේ

නොවැ 17, 2018

    දියණියගේ පෙම්වතා විසින් පහරදී ලිඳකට දමා ඝාතනය කළ හැට හැවිරිදි මවකගේ මළසිරුරක් ඊයේ (16) රාත්‍රියේ ගල්කිරියාගම පොලිසිය සොයාගෙන තිබේ.

    ගල්කිරියාගම බෝගස්වැව දඹුලු හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි එස්. එම් . චන්ද්‍රා නාලනී (60) හැවිරිදි තිදරු මවගේ මළ සිරුර නිවසේ සිට මීටර් සියයක් පමණ දුරින් පිහිටි අනාරක්ෂිත ළිඳක තිබී මෙසේ සොයාගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.

    ඊයේ (16) පස්වරුවේ මෙම කාන්තාව නිවස පිටුපස ලිද ආසන්නයේ දියනාමින් සිටි බවත් සුව එම ස්ථානයෙන් දියනාමින් සිටි තම බිරිඳ නොමැති නිසා සැමියා බිරිදව සෙවීම ආරම්භ කොට ඇතැයි පොලිසිය කියයි. ඒ අනුව අසල්වැසියන්ගේ සහාය ඇතිව බිරිඳ සොයාබලද්දී ළිඳේ සිටියදී හමුවූ බව සැමියා පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

    කෙසේවෙතත් ගල්කිරියාගම පොලිසිය නිලධාරීන් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මියගිය කාන්තාවගේ බාල දියණිය යුද හමුදාවෙන් ඉවත් වූ අයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබුණු බවත් එම ප්‍රේම සම්බන්ධතාවය ද මියගිය කාන්තාව දැඩි ලෙස විරුද්ධ ව සිටි බවයි. ඒ අනුව දියණිය වෙනත් ප්‍රදේශයක සඟවා තිබුණු බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. දියණිය සමග සම්බන්ධකම් පැවැත්වූ තරුණයා දින ගණනාවකට ඉහතදී මෙම නිවසට පැමිණ ගල් මුල් ප්‍රහාරයක් එල්ල කොට කර ඇත. නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමග දියණිය ද එම ප්‍රේම සම්බන්ධතාවය අතහැර දැමූ බවද ඥාතීහු පවසති.

    ප්‍රේම සම්බන්ධතාවයට උරණ වීම හේතුවෙන් බාල දියණිය පියාගේ ඥාති නිවසක නවත්වා සිටි බව ද නිවසේ මෙම කාන්තාව සහ සැමියා පමණක් තනිව ජීවත් වූ බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
    මියගිය කාන්තාව සහ සැමියා කුලී වැඩක් සහ ගොවිතැනක් කරමින් ජීවත්වන අය බව පොලිසිය කියයි

    කෙසේ වෙතත් මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතා පැවැත්වූ එම තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය එම නිවසට ගිය ද ඔහු ප්‍රදේශයෙන් පළාගොස් තිබේ. මේ සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් .සී .පෙරේරා මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂකවරුන් වන එස්.ජි .එම් . මහින්ද කේ.එල් . චන්ද්‍රසේන යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

    Last modified on සෙනසුරාදා, 17 නොවැම්බර් 2018 13:27

    Latest News