CB රත්නායක: පාර්ලිමේන්තුවෙන් කන්නේ අපි පමණක් නොවේ

ජූලි 28, 2019

    සමස්ත පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩලයේ ආහාර වියදම මන්ත්‍රිවරුන් 225 ලඝු කිරිම වැරදි බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සි. බි. රත්නායක මහතා පවසයි.

    ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මස්කෙලිය ආසන බල මණ්ඩලයේ කාන්තා රැස්විම ඊයේ (27) ගිනිගත්හේන බිටා ශාලාවේ පැවති අවස්ථාවේදි සි බි රත්නායක මහතා මේ බව කියා සිටියේය.

    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සි බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේ සංඛ්‍යා ලේඛන අනුව පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩලය 803 ක් ද, පොලිස් නිලධාරින් 223 ක්ද , පාර්ලිමේන්තු සැසි වාරයට පැමිණෙන මාධ්‍යවේදින් ඇතුළු 1500 කට ආසන්න පිරිසක් ආහාර ලබා ගන්නා බවයි. එම සියළු දෙනාගේම ආහාර ලබා ගැනිම මන්ත්‍රි වරුන් 225 දෙනාට ලඝු කිරිම තුලින් රටේ ජනතාවතුල මහජන මන්ත්‍රිවරුන් පිලිබදව වැරදි හැගිමක් ඇතිව තිබෙන බවත් ඔහු කියා සිටියේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාගෙන් සතියට දින පහක් තුල මන්ත්‍රිවරුන් විශාල පිරිසක් තමන්ගේ දේශපාලන කටයුතු වලට පාර්ලිමේන්තුවෙන් පිටතට යන බවත්, ඇතැම් මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවෙන් ආහාර නොගන්නා බවත් මන්ත්‍රිවරයා කියා සිටියි.

    Latest News