ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරමට දකුණු දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 12ක් ඊයේ (19) නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඊයේ (24) රාත්‍රියේ ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 54ක් අත්අඩංගුවට ගැනිණි.

නීති විරෝධීව මෙරටට පැමිණි මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමුකර සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නිරෝධායන කාලසීමාව අවසන්කර තිබේ.

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු (03) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (24) නාවික හමුදා බාරයට ගැනිණ.

මෙරට මුහු‍දු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් නව දෙනෙක් ඩෙල්ෆ් දුපතට වයඹ දෙසින් වූ මුහුදු නාවික හමුදාව අත්අඩංගුවට ගැනිණ.

Latest News