update- අකිල වෙනුවට සුනිල් අද ජනාධිපති විමර්ශන කොමිසමට

ජූලි 25, 2019

     පාසල් පෙළ පොත්වල ඡායාරූපය සහිත පණිවුඩයක් ඇතුලත් කිරීම සම්බන්ධව කරන ලද පැමිණිල්ලකට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද (25) පැමිණියේය.

     අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙනුවට හිටපු ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා අද මෙහි පැමිණි බවයි අප වාර්තාකරු පවසන්නේ.

     අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසල් පෙළ පොත්වල ඡායාරූපය සහිත පණිවුඩයක් ලබාදීම තුළින් රජයට පාඩුවක් සිදුව ඇති බවට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාළවයි අද ලේකම්වරයා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට පැමිණියේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූලි 2019 10:14

    Latest News