21 ප්‍රහාරය විමර්ශනයේ; විශේෂ කාරක සභාව අද රැස්වෙයි

ජූලි 24, 2019

    පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (24) රැස්වීමට නියමිතයි.

    ඒ පෙරවරු 10.30ට. මෙහිඳී ඇතැම් පුද්ගලයින්ගේ සාක්ෂි විමසීමේ කටයුතු මාධ්‍යයට විවෘත නොකිරීමට ද තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    අද දිනයේ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ යන නිලධාරීන් කැඳවා තිබේ.

    Last modified on බදාදා, 24 ජූලි 2019 08:15

    Latest News