2018 වගා හානි වන්දි පිරිනැමීම අගෝස්තු 02 සිට: හානි පුර්ණයට කෝටි 56ක්

ජූලි 21, 2019

    2018 වසරේ යල කන්නයේ වගා හානි වෙනුවෙන්, රුපියල් කෝටි 55 වෙන් කර ඇතැයි කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

    වන්දි පිරිනැමීම අගෝස්තු දෙවැනි දා අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ. අනුරාධපුර දිසත්‍රික්කයේ ගොවි වෙනුවෙන් රුපියල් කෝටි හතහමාරක් (7.5) වෙන් කර ඇති බවත් ඔහු කියා සිටියේ.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා......

    “කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් අපි 2018 යල කන්නේ සඳහා වී, බඩ ඉරිඟු ලොකු ලූනු, අර්තාපල්, සොයා, අමුමිරිස් ඇතුළු අනිවාර්ය බෝග 6කට මේ වන්දි මුදල ලබා දෙනවා. විශේෂයෙන්ම ස්වභාවික විපත් ගංවතුර නියඟ වගේම වන අලින් විසින් හානි වෙනුවෙන් මේ වන්දි ගෙවීම සිදු කරනු ලබනවා.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 2750ක් සඳහා වන්දි ප්‍රදානය ගරු අග්‍රාමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු දෙවන දා අප සිදු කරන්නට නියමිතයි. ඒ වගේම ලංකාව පුරා 2018 වර්ෂයේ දී අක්කර 23,605ක් හානිවෙලා ගොවීන් 20,113 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 556 පන්සිය පනස් හයක වන්දි අපි ලබා දෙනවා.එක අක්කරයක් සදහා අනුමත මුදල රුපියල් 40,000 ඒ පූර්ණ හානි වෙනුවෙන් යැයි“ අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    "දියවර නෑයෝ" වැඩසටහන යටතේ නුවර වැව, බසවක්කුලම වැව, තිසා වැව හා හාල්පානු ඇල යටතේ පවතින කෘෂි මාර්ග සංවර්ධනය කිරීම් අද (21) පෙරවරුවේදී ආරම්භ කරමින් ප්‍රකාශ කළේය.

    අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසනා මැද සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ විය. මෙම වැඩසටහන් සඳහා වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යංශය මගින් වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 400 කි. දියවර නෑයෝ වැඩසටහනට අනුව අනුරාධපුර දි ස්ත්‍රික්කයේ කෘෂි මාර්ග කිලෝමීටර් හාර දහසක් (4000) සංවර්ධනය කිරීමට නියමිතයි.

    Latest News