සිංහල රාවයේ සුදන්ත හිමිගේ ඉල්ලීමට ඇමති රාජිතගෙන් ප්‍රතිචාරයක් (විඩියෝ)

ජූලි 21, 2019
  • අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළුතර කැලීඩෝ වෙරළ තීරයේ අද නිරීක්‍ෂණ චාර්කාවක නිරත විය.

    ඒ සිංහල රාවය සංවිධානයේ මහලේකම්, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමිගේ ආරාධනාවකට අනුවයි. කැලීඩෝ වෙරළ තීරයේ සිදුවී ඇති මුහුදු ඛාදනය අමාත්‍යවරයාගේ අවධානයට ලක්විය. මුහුදු ඛාදනයෙන් කලුතර බෝධිය අසල පිහිටි පාලම් දෙක සහ කලුතර බෝධීන් වහන්සේට අවදානමක් ඇතිවීමට පෙර ඊට කඩිනම් පියවර ගන්නා ලෙසයි, අමාත්‍යවරයා කලුතර දිස්ත්‍රික් ලේකම්වරයාට සහ වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේ.

    “අමාත්‍යතුමාට පුණ්‍යානුමෝදනා කරනවා මේ පිළිබඳව අවධානය යොමු කිරීම සම්බන්ධයෙන්. ඇමතිතුමනි පෝස්සිටි ඉදිකිරිමත් එක්ක විශාල පාරිසරික හා වෙරළ ඛාදනයක් මීගමුව ප්‍රදේශයේ සිදුවෙලා තිබුණා. ඒ මීගමුව ප්‍රදේශයේ සිදුවූ වෙරළ ඛාදනයේ දී අපට තොරතුරු වාර්තා වුණා චතුර සේනාරත්න මන්ත්‍රීතුමා ඒ ප්‍රදේශයට කෝටි 30කට අධික මුදලක් පෝට්සිටි ආයතනයෙන් ලබාදුන්නා කියලා. ඒ වගේම විශාල හානියක් කළුතරට සිදුවෙලා තියෙනවා. මේ හානිය වළක්වා ගැනිම සඳහා පෝට්සිටි ඉදිකිරීම්වල නිරත සමාගම්වලින් මේ මුදල් කලුතරටත් ලබාදෙන්න කියලා අපි ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා“ යැයි පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පැවසීය.

    අමාත්‍ය රාජිත සේනාරත්න මහතා....

    “ මේ වනවිට වෙරළ සංරක්‍ෂණ පාර්ලිමේන්තුවටත් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. මේක නැවත වැලි ගහලා, කෘතිම වෙරළ හදලා, මේ ඛාදනය නවත්වන්න. ලබන අඟහරුවාදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයත්, විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමා, ජනාධිපතිතුමා දැනුවත් කරලා, මේ පිළිබඳව ඉක්මන් පියවරක් ගැනිමට මං ක්‍රියාකරනවා“ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    Last modified on ඉරිදා, 21 ජූලි 2019 18:30

    Latest News